Photograph by : ChessMood
ඔබේ චෙස් වර්ධනය වේගවත් කරන්න අවශ්‍ය පෙරළිකාර තල්ලු 5
4 August 2025
ග්රෑන්ඩ්මාස්ටර් ඇවෙටික් ග්රිගොරියන් විසිනි. පරිවර්තනය මාලන් ප්‍රනාන්දු විසිනි.
ඔබේ චෙස් කුසලතා වැඩි දියුණු කළ හැකි පෙරළිකාර තල්ලු 5 දැනගන්න… සාර්ථකත්වය සඳහා අනිවාර්ය වන ඔබට මග හැරුණ එක සොයා ගන්න!
ඔවුන්ට ග්‍රෑන්ඩ්මාස්ටර්ලා සිටියේ නැත. ඔවුන්ට ජාත්‍යන්තර මාස්ටර් කෙනෙකුවත් සිටියේ නැත.
කණ්ඩායමේ සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම 2,200 ක් පමණ වූ අතර මෙම 11 හැවිරිදි දරුවා එහි පසු පසින් එල්ලී සිටියේය. ඔහුට 1,600 ක් පමණ විය. ඒ තායිලන්ත ජාතික කණ්ඩායමයි. මම පුහුණුකරු වූයෙමි.

මෙහි ළමයා තමයි ප්‍රින්. ප්‍රින් ළග හිටගෙන ඉන්නේ කෙට්ටු මම 
පුහුණුකරු වී මසක් තුළ, මම තායි චෙස් අනාගතය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඔවුන්ගේ ලේකම් සහපොල් වෙත ගොස් (4 වෙනි තල්ලුවේ ඔහු ගැන වැඩි විස්තර ඇත) මෙසේ කීවෙමි: “මගේ වචනය සිතේ තබාගන්න. මේ 11 හැවිරිදි දරුවා ඔබේ පළමු ග්‍රෑන්ඩ්මාස්ටර් වනු ඇත.”
වේගයෙන් වසර හයක් ගෙවී ගොස්, අපගේ “සාර්ථක කතා” ලිපිවලින් ඔබ හදුනාගත් ඇති ප්‍රින්, වයස අවුරුදු 17 දී තායිලන්තයේ පළමු ජාත්‍යන්තර මාස්ටර්(IM) බවට පත් විය.

බලන්න මේ කඩවසම් ප්‍රින්... හොලිවුඩය ඔහුගේ ලිපිනය දන්නේ නැහැ, හහ්
මෑතකදී, ප්‍රින් ග්‍රෑන්ඩ්මාස්ටර්-රවුන්ඩ් රොබින් තරඟාවලියක් ද ජයග්‍රහණය කළ අතර, ඔහුගේ පළමු ග්‍රෑන්ඩ්මාස්ටර් නෝම් එක ගැනීමට ලකුණු භාගයක් පසුපසින් සිටියේය.
නමුත් මට මගේ ප්‍රියතම රසකැවිලි පෙට්ටි- “රෆායෙලෝස්” 100 ක් ඔට්ටු තැබිය හැකිය, ඔහු වසර 2 කින් ග්‍රෑන්ඩ්මාස්ටර් වනු ඇත.
***
මේ අවුරුද්දේ මම ආපහු තායිලන්තයට ගියාම සහපොල් මම වැඩ කරපු ප්‍රින් ඇතුළු කණ්ඩායම එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කළා.
මම ප්‍රින්ට සහ ඔහුගේ පෙරළිකාර තල්ලු 5 ට සව්දිය පුරා, ඔහු ඔවුන්ගේ පළමු ග්‍රෑන්ඩ්මාස්ටර් වනු ඇතැයි වසර ගණනාවකට පෙර මම අනාවැකි පළ කළේ මන්දැයි පැහැදිලි කළෙමි.

මගේ ප්රියතම කණ්ඩායම සමඟ. 2024. වසර 6ක් තිස්සේ ඔවුන්ව මග හැරුණි...

2018. අපි තවමත් තරුණයි
මම වයස 19 දී ග්‍රෑන්ඩ්මාස්ටර් බවට පත් වූ අතර එතැන් සිට එය සාක්ෂාත් කර ගැනීමට මමම බොහෝ දෙනෙකුට උදව් කර ඇත්තෙමි.
මට බොහෝ ග්‍රෑන්ඩ්මාස්ටර් මිතුරන් සිටින අතර මගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දෙනෙක් හමු වී ඇත.
අපි හැමෝටම මේ “පෙරළිකාර තල්ලු 5” න් හතරක්වත් තිබුණා.
ප්‍රින්ගේ උදාහරණයේදී, ඒවා මොනවාදැයි මම පැහැදිලි කරමි.
ග්‍රෑන්ඩ්මාස්ටර් මාතෘකාව ඔබේ පැතුම් ලැයිස්තුවේ නොමැති වුවද, පෙරළිකාර තල්ලු 5 දැන ගැනීමෙන් ඔබට මඟ හැරුණු දේ දැන ගැනීමට, ඒවා නිවැරදි කරන්නේ කෙසේද හෝ පුරවන්නේ කෙසේද යන්න දැන ගැනීමට සහ එමගින් ඔබේ වර්ධනය වේගවත් කිරීමට හැකි වේ.
පළවෙනි තල්ලුව - ඔබ
ඔබේ ලොකුම තල්ලුව ඔබමයි.
ඔබ කෙතරම් දක්ෂද? ඔබ චෙස් ක්‍රීඩාවට කොතරම් කැමතිද? ඔබේ චරිතය කෙතරම් ශක්තිමත්ද? ඔබ කොපමණ වැඩ කරන්නෙහිද?
ප්‍රින්ට ඒවා සියල්ලම තිබුණා!
දක්ෂතාවය?
යමෙකුගේ මොළය ක්ලෝන කර එය මගේ මොළය වෙනුවට ආදේශ කිරීමට මට අවස්ථාවක් ලැබුණහොත්, මගේ මතකයට මුලින්ම එන්නේ එලොන් මස්ක් ය. රිචඩ් බ්‍රැන්සන්…
ම්ම්ම්...සමහරවිට...
කෙසේ වෙතත්, අවසානයේදී මම ප්‍රින්ගේ මොළය මා වෙනුවෙන් ක්ලෝන කිරීමට තෝරා ගන්නෙමි.
ආදරය?
ඔහු නිදාගෙන සිටින බව මවාපාමින් ඔහුගේ ජංගම දුරකථනයෙන් චෙස් ක්‍රීඩා කළේය.
පාසැලේදී ඔහුට සටහන් කිරීමට එක් පසකින් පාසල් පොතක් තිබූ අතර වම් පසින් ඔහු චෙස් පොත් කියවමින් සිටියේය. ඔහු දිවා ආහාර වේලාවන්හිදී චෙස් ක්‍රීඩා කළේය.

මාස කිහිපයකට පෙර සහපොල් රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කරන විට, මම තායිලන්තයේ සිටින බවත් මම එහි සිටින බවත් ප්‍රින් දැන සිටියේ නැත.
එය ඔහුට පුදුමයක් විය. ඔහු එහි පැමිණියේ කැස්පරොව්ගේ පොත අතේ තබාගෙනය.
"කුලී රථයේ කාලය නාස්ති කිරීම අපරාදේ", ඔහු පැහැදිලි කළේය.

ඉතා වෘත්තීය නොවන සෙල්ෆියක්, නමුත් ගැම්මක් ඇතැයි මම අනුමාන කරමි
වෙහෙස මහන්සි වී වැඩ?
ස්කයිප් අමතයි.
ප්‍රින් රෝහල් ඇඳක් මත වැතිර බට ගහගෙන, දහඩිය නළල…
“ප්‍රින්??? මේ මොකද? ඔයා හොස්පිට්ල් එකේද?", මම මගේ තිරය දෙස බලා අනෙක් පැත්තෙන් සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සාහ කළෙමි.
"ඔව්... මට දරුණු උණක් හැදිලා. එන්නත් කළා විතරයි. නමුත් මම මගේ ලැප්ටොප් පරිගණකය ගේන්න කියල තාත්තට කිව්වා., ඒ නිසා අපේ පාඩම අතපසු වෙන්නේ නැහැ.”

රෝහලේදී, පාඩම අතරතුර
ගතිය?
ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන විට (බොහෝ විට රැපිඩ් ක්‍රීඩා), මට ඔවුන්ගේ “ගතිය” පහසුවෙන් දැකගත හැකි විය.
වැරදීම් වලින් පසු ඔවුන් ආපසු එන ආකාරය. ඔවුන් පෙර තරගය වේදනාකාරී ලෙස අහිමි වූ විට ඊළඟ තරගයට අවධානය යොමු කරන ආකාරය. ඔවුන් වෙන කවරදාටත් වඩා අධිෂ්ඨානශීලීද? එසේත් නැතිනම් ඔවුන්ගේ මුහුණු අධෛර්යමත් වී, වේදනාවෙන්, ගිලිහී යන බවක් පෙනෙන්නට තිබේද?
ප්‍රින් ගැන මම ඉතා පැහැදී සිටියෙමි!!! ඔහු ජයග්‍රාහී ස්ථානයක වැරදී, තත්පරයක් හෝ දෙකක් ඔහුගේ අතට අත දී, පිටත් වී, කිසිවක් සිදු නොවූවාක් මෙන් ඊළඟ තරගය ආරම්භ කරනු ඇත. එකම මට්ටමෙන්, එකම අවධානයෙන් ඊළඟ තරගය මුහුණ දෙන්න, දිනන්න ප්‍රින්ට පුළුවන්.
චෙස් පුහුණුව අවසානයේ කිලෝමීටර් කිහිපයක් දුවන්න අපි ළඟම තියෙන ක්‍රීඩාංගනයට යනවා. ගිහින් පුෂ්-අපස් ප්ලාන්ක්ස් වගේ ව්යායාම හැම දෙයක්ම කරනවා.
මම ඔවුන්ගේ යුෂ මිරිකන ආකාරය මේ දෙස බලන අය ආඩම්බර වනු ඇත. ප්‍රින් සෑම විටම අවසානය දක්වා සිටියා!

ඔබ මුලින්ම ඔබේ මනසේ ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙක් වෙනවා
ප්‍රින්ගේ විශිෂ්ටත්වයට සීමාවක් තිබුණේ නැත. ඔහුගෙන් බෝවෙන සෙල්ලක්කාර බව, අසීමිත ශක්තිය සහ හෘදයාංගම කෘතඥතාව සමඟින්, ඔහුට ආදරය නොකිරීමට නොහැකි විය.
ඔහු වෙනුවෙන් දොරවල් පුළුල් ලෙස විවෘත වීම විමතියට කරුණක් නොවේ; ඔහුගේ කම්පනය (vibe) විශ්වීය යතුරක් විය.
ඔබට Booster 1 නොමැති නම් කුමක් කළ යුතුද?
මම එතන ඉඳලා තියෙනවා.මම කුඩා අවධියේදී සුවිශේෂී කුසලතා පෙන්වන පුද්ගලයෙකු නොවූයෙමි. මගේ මතකය නිතරම අඩුවිය. මම කුඩා කාලයේ ප්‍රින් මෙන් එතරම් කූල් නොවූ අතර අන් අයගේ ආදරයට නිතර පත්වන කෙනෙක් නොවීය. නමුත් මම චෙස් ක්‍රීඩාවට මගේ ගැඹුරු ආදරයෙන්, මගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් (බොහෝ විට පැය 80 ක සතියක පුහුණුවෙන්) සහ මගේ චර්යාවෙන් මගේ අඩුපාඩු වසා ගත්තෙමි.වයස අවුරුදු 12 දී, මම වසරක් චෙස් ක්‍රීඩාව නතර කර මිශ්‍ර සටන් කලාව (MMA) පුහුණු වූයෙමි!
පහර දීම, මගේ දෙපයින් නැගී සිටීමට ශක්තිය සොයා ගැනීම අනිවාර්යයෙන්ම චෙස් ක්‍රීඩාවට උපකාරී විය.
(ඒ ගැන වැඩි විස්තර මගේ ඉදිරි පොතේ)
ඉතින්... ඔබ චෙස් වලට ආදරය නොකරන්නේ නම්, එය අත්හරින්න. දක්ෂතාවය ඔබේ අතේ නැත. නමුත් ශුභාරංචිය නම් ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික ශක්තිය සහ විශ්මය ජනක බව සමඟ ඔබට එම අඩුව පුරවා ගත හැකිය! එය ඔබ විමතියට පත් වන බොහෝ දොරවල් විවෘත කරනු ඇත.
බූස්ටරය 2 - පවුල
බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ වෘත්තීය ජීවිතය විනාශ කරයි... ඔවුන්ට "ලෝක ශූර" තත්ත්වයන් ඇතිබව නොදැනුවත්වම.
දෙමාපියෙකු වශයෙන්, ඔබට බොහෝ තේරීම් තිබේ. ඔබේ දරුවාගේ සිහිනයට සහ ආශාවට ඔබ සහාය දෙනවාද? ඔබ ඔහුගේ/ඇයගේ දක්ෂතාවය දකිනවාද? ඔබේ දරුවාට සුදුසු පුහුණුකරු සොයා ගැනීමට ඔබ කාලය ආයෝජනය කරනවාද? පුහුණුකරුට එම කාර්යය කිරීමට ඉඩ දීමටත්, මැදිහත් නොවී සිටීමටත්, උපකාර අවශ්‍ය විටෙක එහි සිටීමටත් ඔබ බුද්ධිමත් වේද?
ඔබේ දරුවාගේ අඳුරු කාලවලදී ඔබ ඔහුට සහාය දෙනවාද? ඔහු/ඇය වේදනාකාරී ක්‍රීඩාවකින් පැරදුණු විට ඔබ ඔහුට/ඇයට කෑගසනවාද, නැතිනම් ඔබ සහයෝගය දක්වමින් ඔබේ දරුවා අසල සිටිනවාද?
බොහෝ දෙමාපියන් මෙහි අසමත් වේ.
සහයෝගය දක්වන සහ බුද්ධිමත් දෙමාපියෙකු සිටීම විශාල තල්ලුවක්!
ප්‍රින්ට වාසනාවක් තිබුණා!

අම්මයි තාත්තයි එක්ක
ඔහුගේ පවුලේ අය, චෙස් ගැන යමක් වූ සෑම අවස්ථාවකම ඔහුගේ දෑස්වල ගින්න දුටු අතර ප්‍රින්ගේ අමුතු ආශාවට බෙහෙවින් සහාය වූහ.
චෙස්? තායිලන්තයේ ඔබ අඩුම තරමින් ගෝ (Go) සෙල්ලම් කරන්න.
("මම චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්" මම සාදයක ගැහැණු ළමයෙකුට කැමති නම් පාවිච්චි කල හැකි දෙයකි. තායිලන්තයේ එය සාර්ථක වූයේ නැත. බොහෝ ගැහැණු ළමයින් චෙස් යනු කුමක්දැයි දැන සිටියේ නැත. හා.. හා.. :).)
ඔහුගේ පියා කිසි විටෙකත් අපගේ සම්බන්ධතාවයට මැදිහත් වූයේ නැත, ප්‍රින් සමඟ වැඩ කිරීමේ මගේ ක්‍රම කිසි විටෙකත් ප්‍රශ්න කළේ නැත. නමුත් මම යමක් උපදෙස් දෙන සෑම අවස්ථාවකම හොඳින් සවන් දී ක්‍රියා කිරීමට ඔහු සැමවිටම සිටියේය.
ඔහුගේ දෙමාපියන් පමණක් නොවේ. ප්‍රින්ගෙ පවුලෙන් මට මුණගැහුණු හැම කෙනෙක්ම නියමයි.
ජාතික කණ්ඩායම සමඟ සෑම සැසිවාරයකටම පසුව, ප්‍රින් සහ ඔහුගේ පියා මා එන තෙක් එළිමහනේ බලා සිට "ස්තූතියි, පුහුණුකරු" යැයි පවසා, සම්ප්‍රදායික තායි ක්‍රමයට හිස නැමීමෙන් පසුව පමණක් ගොඩනැගිල්ලෙන් පිටව ගියේය.
මම ඇයව කිසිදා අමතක නොකරමි. එක් සැසිවාරයකින් පසු මම මගේ යතුරුපැදිය වෙත ගමන් කරන විට වැඩිහිටි කාන්තාවක් මාව නැවැත්තුවා. මුලදී ඇය කියන දේ මට හොඳින් නොතේරුණි, නමුත් පසුව මට තේරුණා ඒ ප්‍රින්ගේ ආච්චි බව, ඇය මට ඇගේ ගෙදර හැදූ තායි කුකීස් ගෙනාවා!

තායිලන්තයේ 1 වන ජාත්‍යන්තර මාස්ටර් IM සමඟ ආඩම්බර ආච්චි
ඔබට Booster 2 නොමැති නම් සහ ඔබේ පවුලේ අය ඔබට සහාය නොදක්වන්නේ නම් කුමක් කළ යුතුද?
ඔබේ නිවසේ සිට දුවන්න!
හාහ්, නැහැ, නැහැ, මම විහිළු කරනවා.
චෙස් ක්‍රීඩාව ඔබව සතුටු කරන ආකාරය ඔබේ පවුලට පෙන්වන්න. පුහුණු වන්න, සෙල්ලම් කිරීමට පමණක් නොවේ, එබැවින් එය ඔබට ක්‍රීඩාවක් නොවන බව ඔවුන් දකී. තරඟාවලි ජයගන්න. මුදල් ටිකක් දිනා ගන්න. ඔබේ දෙමාපියන් සඳහා තෑගි මිලදී ගන්න!
මගේ පියා විශාල චෙස් රසිකයෙක් වූ අතර ඔහුගේ සහයෝගයෙන් 100% මට ලැබුණි. නමුත් මගේ මවට අවශ්‍ය වූයේ මා පාසලෙන් හොඳ ලකුණු ලබාගෙන විශ්වවිද්‍යාලයට ගොස් නීතීඥවරයෙක් වීමය.
අවුරුදු 15 දී මම මටම මුදල් හම්බ කරන්න පටන් ගත්තා. හිස් අතින් ගෙදර ආවේ කලාතුරකිනි. ශීතකරණයේ යුෂ ගොඩක් පුරවන්න ආසයි.
එම වසරේම මම අවුරුදු 18න් පහළ ආර්මේනියානු ශූරයත් වුණා. මගේ අම්මා මාව මගේ පියාට භාර දුන්නා!
ඔබේ ‘සැලකිය යුතු කෙනා’ ඔබේ සිහිනයට සහාය නොදක්වන්නේ නම් කුමක් කළ යුතුද?
ඔබ චෙස් ක්‍රීඩා කරන විට ඔබ සතුටට පත්වන ආකාරය පෙන්වන්න. තරගයකින් පසු ඔහු/ඇය වෙනස් ආකාරයකින් සිප ගන්න.
බූස්ටරය 3 - පුහුණුකරු
හොඳ පුහුණුකරුවෙකුට ඔබව අහසට ගෙන යා හැකිය.
නරක පුහුණුකරුවෙකුට ඔබේ වෘත්තිය විනාශ කළ හැකි අතර ඔබට මෙම ක්‍රීඩාව පිළිකුල් කළ හැකිය.
ප්‍රින්ට වාසනාවක් තිබුණා! නියම පුහුණුකරුවන් හතර දෙනෙක්!
ප්‍රින්ට ඔහුගේ පළමු පුහුණුකරු- සුරපොලේ යුතිතමනන් හමු වන විට වයස අවුරුදු හතකි.
පසුව පිලිපීනයේ FM Daniel Causo ඔහුව ශ්‍රේණිගත කිරීම 1,600 දක්වා ගෙන ගියා.
ඔහුගේ 3 වැනි නියම පුහුණුකරු, මම (haha) ඔහුගේ පෙර පුහුණුකරුවන් දමා තිබූ අත්තිවාරම ගැන පුදුමයට පත් වූ අතර, ශක්තිමත් ගොඩනැගිල්ලක් තැනීම ඉතා පහසු විය.

මැලේසියාව, 2017
1600 සිට 2200 දක්වා ප්‍රින් ගත් පසු, මම ප්‍රින්ව ජාත්‍යන්තර මාස්ටර් වෙත ගෙන යාමට උදව් කළ 4 වන මිස්ටර් ඕව්සොම් (Mr.Awesome), මගේ මිත්‍ර GM ගබුස්යාන්ට අපගේ කණ්ඩායමට ආරාධනා කළෙමි.
දැන් අපි එකතුවෙලා අහස ගවේෂණය කරනවා.
ඔබට නිවැරදි පුහුණුකරු ලබා ගැනීමට නොහැකි නම් කුමක් කළ යුතුද?
මාර්ගයක් සොයන්න හෝ විකල්පයක් සොයා ගන්න.
ඔබේ පුහුණුකරු චෙස්මූඩ් වැනි වේදිකාවක් ද විය හැකිය.
ඒ කෙසේ වුවත්, ප්‍රින් අපගේ පැය 500+ පාඨමාලා සම්පූර්ණ කර ඇත!
අනෙක් ක්‍රමය නම් සම්පූර්ණයෙන්ම නිදහසට කරුණු දැක්වීමයි!
“What’s the 'BUT' that is holding you back”? ලිපියේ කබීර් මතකද?
ස්වයං-මුදල් සඳහා ඔහු මාර්ගය සොයා ගත් අතර පසුව අපගේ චෙස්මූඩ් සිසුන්ගේ අනුග්‍රහය ලැබුවේ කවුද?
බූස්ටරය 4 - සම්මේලනය
“Our Crazy Story” තුළ මම බෙදාගත් පරිදි මම තායිලන්තයේ රජෙකු මෙන් ජීවත් වීමි.
මගේ සුවපහසු ස්ථානය වූයේ වෙරළට යාබදව වන අතර, මට මගේ බැල්කනියේ සිට පිහිනුම් තටාකයට පැනීමට පවා හැකි විය.
කැලේ පොඩි කොටියෙකුත් හිටියා
එදා තායිලන්තයේ ෆෙඩරේෂන් ලේකම්, දැන් සභාපති, මට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර, ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු වීමට මා පෙළඹවූයේය.

තායිලන්තයේ චෙස් වීරයා, සහපොල් නාක්වනිච් (Sahapol Nakvanich), 2017 සමඟ
මතක තියාගන්න, තායිලන්තයට කවදාවත් ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙක්, ජාත්‍යන්තර මාස්ටර් කෙනෙක්වත් ඉඳලා තිබුණේ නැහැ. තායිලන්තයේ චෙස් ක්‍රීඩාවේ අනාගතය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි සහාපොල් මෙහි සිටී.
ඔහු කාන්තා ජාතික කණ්ඩායම සමඟ වැඩ කරන නෝර්වේ සිට IM Stokke Kjetil හට ද ආරාධනා කළේය.

පුහුණුකරුවන් දෙදෙනාට ඔවුන්ගේ සැලසුම් කළ කිලෝමීටර් 3 ක ධාවන කාලය අවසන් කිරීමට වර්ෂාව බාධාවක් නොවීය
සහපොල් නිතරම මගෙන් අහනවා, තව මොනවද කණ්ඩායමට, ක්‍රීඩකයන්ට කරන්න පුළුවන් කියලා. තායිලන්ත චෙස් අනාගතය වෙනස් කරන්නේ කෙසේද? ඔහු අධි-අධිෂ්ඨානශීලී විය. ඔහු තායිලන්තය වෙනුවෙන් බොහෝ දේ කළා. ඔහු තායිලන්තයේ චෙස් ක්‍රීඩාවේ වීරයා වන අතර ප්‍රින් ගේ සාර්ථකත්වයේ විශාල කොටසකි.

වීරයෝ දෙන්නා
ඔහුට හැකි පමණින් ඔහු බොහෝ තරඟාවලි සංවිධානය කළේය, ක්‍රීඩකයින් පිටරටට ගෙන ගියේය. බොහෝ විට ඔහු කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඔහුගේම මුදල් පවා යෙදවීය.
සාර්ථකත්වය කරා යන ගමනේදී ෆෙඩරේෂන් බොහෝ විට අමතක වේ.
මමම, මම කවදාවත් අගය කළේ නැහැ. අපගේ මානව ඊගෝට අවශ්‍ය වන්නේ සාර්ථකත්වය අපටම බැර කිරීමටයි! අපිට ආඩම්බර වෙන්න ඕන. මගේ සම්මේලනය මා වෙනුවෙන් කොපමණ කර ඇත්ද යන්න මම අගය කළේ නැත. ඔවුන් සංවිධානය කරන සියලුම කඳවුරු, මාස්ටර්වරුන් සහ ග්‍රෑන්ඩ් මාස්ටර්වරුන්ගෙන් මා නොමිලේ පුහුණු කළ චෙස් ඇකඩමිය. ඔවුන් අනුග්‍රහය දක්වන ලෝක සහ යුරෝපීය ශූරතා...
මෙය තේරුම් ගැනීමට සහ එය අගය කිරීමට මට කාලය ගත විය.
මම කලින් කළා නම් සහ ප්‍රින් වගේ ඕව්සොම් නම්, මම ඔට්ටු අල්ලනවා අලුත් දොරවල් ගොඩක් තියෙනවා, මම 15 දී ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙක් වෙනවා කියලා.
ඔබට ආධාරක සම්මේලනයක් නොමැති නම් කුමක් කළ යුතුද?
සහපොල් වගේ කෙනෙක් හොයලා, එයාව ඔයාගේ චෙස් සම්මේලනයේ සභාපති කරන්න. හාහා.
ඔබට නොහැකි නම්, පලවෙනි තල්ලුව වෙත අවධානය යොමු කරන්න - “ඔබ”.
වෙහෙස මහන්සි වී වැඩ කරන්න, අන්තර්ජාලය සහ සබැඳි මූලාශ්‍ර භාවිතා කරන්න, යම් සාර්ථකත්වයක් ලබා ගන්න, ඕව්සොම් වන්න මැජික් සඳහා රැඳී සිටින්න! යමෙකු පැමිණ, ඔබට අනුග්‍රහය දක්වන්නේ, ඔබේ අත ගෙන ඔබේ අනාගතය වෙනස් කරන්නේ කෙසේදැයි ඔබ කිසිදා නොදනී.
අවසාන වශයෙන්, හොඳ සම්මේලනය බූස්ටරයක් පමණි. ඔබ නිදහසට හා විස්මයජනක වන විට එහි නොමැතිකම ඔබව නතර නොකළ යුතුය.
බූස්ටරය 5 - පරිසරය
ඔබ චෙස් වාතාවරණයක සිටිනවාද? ඔබ සමාන අදහස් ඇති අයගෙන් වට වී සිටිනවාද? ඔබට වඩා ඉදිරියෙන් සිටින හෝ ඔබට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගත් අය ඔබ වටා සිටීද? ඔබ කාලය ගත කරන්නේ කා සමඟද යන්න ඉතා වැදගත් වේ.

කුඩා කල සිටම, ප්‍රින් ඉහළ ශ්‍රේණිගත කිරීම් සහ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් වට වී සිටියේය. ඔහුට ශ්‍රේණිගත කිරීම් 1,600 ක් වන විට, ජාතික කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් 2,200 ක් පමණ විය. ඔහු ඔවුන් සමඟ සෑම විටම සෙල්ලම් කරනු ඇත, ඔවුන් සමඟ පුහුණු කරනු ඇත, ඔවුන් පුහුණු කරන ආකාරය, ඔවුන් කියවන පොත් මොනවාද, ඔවුන් නැරඹූ පාඨමාලා මොනවාද.ඔහු සිටියේ සෞඛ්‍ය සම්පන්න තරඟකාරී වාතාවරණයක ය.
ඔබ චෙස් වාතාවරණයකින් වට වී නොමැති නම් කුමක් කළ යුතුද?
අන්තර්ජාලය සියල්ල වෙනස් කරයි!
ඔබට පහසුවෙන් පුහුණු හවුල්කරුවන් සොයා ගත හැකි අතර අපගේ චෙස්මූඩ් පවුල හෝ Discord හි "Dojo" ක්‍රීඩකයන් ඇතුළුව හොඳ චෙස් ප්‍රජාවන්ට සම්බන්ධ විය හැක.
නමුත් එක දෙයක් අනිවාර්යයි
මිත්‍රවරුනි, ඒ පහෙන් තොරව ඔබට වර්ධනය විය නොහැකි බව නොවේ. ඔයාට පුළුවන්! 100% මේවා බූස්ටර පමණයි. වර්ධනය වේගවත් කරන දේවල්.
අනිවාර්යයෙන් තිබිය යුතු එකම දෙය වන්නේ ‘ඔබ’ සහ ‘නිදහසට කරුණු කීමට බර අඩු චරිතය යි'.ඉතිරිය ඔබට ඔබේ ගමනේදී සොයාගත හැකිය.
(ඉංග්‍රීසි නොදැන, වයස අවුරුදු 74 දී මාස 4ක් තුළ ලකුණු 350ක් වැඩි කරගත් අපගේ ශිෂ්‍ය ගියන් මට මතක් කර ගැනීම වැළැක්විය නොහැක!)
මම ඔබට වාසනාව ප්‍රාර්ථනා කරන අතර ඔබට සිතීමට ප්‍රශ්නයක් තබමි:
ඔබට අතුරුදහන් වී ඇති බූස්ටර ඔබේ ජීවිතය තුළ ගොඩනඟා ගත හැක්කේ කෙසේද?
***
#RightMood_RightMove
ආදරයෙන්,
ඔබගේ වර්ධනය සහ විනෝද ගමන සඳහා,
GM Avetik (හෝ මගේ මිතුරන් මට කතා කරන පරිදි Avo)
***
P. S. මෙම ලිපියෙන් ඔබේ අදහස් මෙහි බෙදා ගැනීමට නිදහස් වන්න.
https://chessmood.com/blog/5-boosters
P. P. S. ඔබ තවමත් චෙස්මූඩ් ශිෂ්‍යයෙක් නොවේ නම්, මට ඔබ වෙනුවෙන් තෑගි තුනක් තිබේ:
1. Opening Principles - The fundamentals and beyond in detail


3. GM Gabuzyan’s 10 best games

මෙහි මූලික ගිණුමක් සාදා ගැනීමෙන් ඔබට පාඨමාලා තුනම නොමිලේ නැරඹිය හැක.
(තත්පර කිහිපයක් ගතවේ)
මුලින් ප්‍රකාශයට පත් කළේ 2024 අප්‍රේල් 29
මෙම ලිපිය බෙදා ගැනීමට අමතක නොකරන්න!