Photograph by :
චෙස් නොවන චෙස් කතා 1:චෙස් පුවරුවේ සමචතුරස්‍ර කීයක් තිබේද?
26 April 2021
මාලන් ප්‍රනාන්දු විසිනි

කුඩා සමචතුරස‍්‍ර (කුඩා කොටු) 64 ක් තිබේ.
නමුත් විවිධ ප්‍රමාණයේ සමචතුරස‍්‍ර චෙස් පුවරුව තුළ තිබේ.

1x1 පුවරුව

[කුඩා සමචතුරස්‍ර 1 ]
2x2පුවරුව


[කුඩාම සමචතුරස්ර 4] + [ කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස්ර 1]
4+1
3x3 පුවරුව



[කුඩාම සමචතුරස්ර 9] + [කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 4] + [කුඩා සමචතුරස‍්‍ර 9(3x3) න් සෑදූ ලොකු සමචතුරස්ර 1]
9+4+1
4x4 පුවරුව




[කුඩාම සමචතුරස්ර 16] + [කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 9] + [කුඩා සමචතුරස‍්‍ර 9(3x3) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 4] + [කුඩා සමචතුරස‍්‍ර 16(4x4) න් සෑදූ ලොකු සමචතුරස්ර 1]
16+9+4+1
5x5 පුවරුව

5x5 පුවරුවේ සමචතුරස්‍ර කීයක් ඇත්දැයි ගණනය කළ යුතුද?
අපට රටාව දැකිය හැකිය.
| පුවරුව | සමස්ත සමචතුරස්‍ර ගණන | රටාව |
| 1x1 | 1 | 1x1 |
| 2x2 | 4+1 | 2x2+1x1 |
| 3x3 | 9+4+1 | 3x3+2x2+1x1 |
| 4x4 | 16+9+4+1 | 4x4+3x3+2x2+1x1 |
| 5x5 | ??? | ??? |
| 8x8 | ??? | ??? |
ඒ අනුව අපට 8x8 පුවරුවේ සමචතුරස‍්‍ර ගණන සොයාගත හැකිය, වෙනත් වචන වලින් කිවහොත් චෙස් පුවරුවේ ඇති සමස්ත කොටු (සමචතුරස‍්‍ර) ගණන සොයාගත හැකිය.