Photograph by :

චෙස් නොවන චෙස් කතා 1:චෙස් පුවරුවේ සමචතුරස්‍ර කීයක් තිබේද?

26 April 2021

මාලන් ප්‍රනාන්දු විසිනි 

කුඩා සමචතුරස‍්‍ර (කුඩා කොටු) 64 ක් තිබේ. 

නමුත් විවිධ ප්‍රමාණයේ සමචතුරස‍්‍ර චෙස් පුවරුව තුළ තිබේ.

 

1x1 පුවරුව

[කුඩා සමචතුරස්‍ර 1 ]

2x2පුවරුව

[කුඩාම සමචතුරස්‍ර 4] + [ කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස්‍ර 1]

4+1

3x3 පුවරුව

[කුඩාම සමචතුරස‍්‍ර 9] + [කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 4] + [කුඩා සමචතුරස‍්‍ර 9(3x3) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 1]

9+4+1

4x4 පුවරුව

[කුඩාම සමචතුරස‍්‍ර 16] + [කුඩා සමචතුරස‍්‍ර 4 (2x2) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 9] + [කුඩා සමචතුරස‍්‍ර 9(3x3) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 4] + [කුඩා සමචතුරස‍්‍ර 16(4x4) න් සෑදූ ලොකු සමචතුරස‍්‍ර 1]

16+9+4+1

5x5 පුවරුව

5x5 පුවරුවේ සමචතුරස්‍ර කීයක් ඇත්දැයි ගණනය කළ යුතුද?

 අපට රටාව දැකිය හැකිය.  

පුවරුව සමස්ත සමචතුරස්‍ර ගණන රටාව
1x1 1 1x1
2x2 4+1 2x2+1x1
3x3 9+4+1 3x3+2x2+1x1
4x4 16+9+4+1 4x4+3x3+2x2+1x1
5x5 ??? ???
8x8 ??? ???

 

ඒ අනුව අපට 8x8 පුවරුවේ සමචතුරස‍්‍ර ගණන සොයාගත හැකිය, වෙනත් වචන වලින් කිවහොත් චෙස් පුවරුවේ ඇති සමස්ත කොටු (සමචතුරස‍්‍ර) ගණන සොයාගත හැකිය.