Photograph by : Social Media Profile Picture

වජිර පෙරේරා! විශ්වනාත් ආනන්ද් පරාජය කළ අපේ ශූරයා

4 June 2020

කෞශල්‍ය වීරවර්ණ

1984 - 8 වන  ආසියානු කණිශ්ඨ චෙස් තරගාවලිය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් හිදි පැවැත්වුනු අතර ක්‍රීඩකයන් 10 දෙනෙක් පමණක් මෙම  තරගාවලියට සහභාගී  විය.

1980 ගණන්වල ඉන්දියාවේ පැවති ලංකා විරෝධී මානසිකත්වය නිසා තම ආරක්ෂාව සදහා ෆීජියානු ජාතිකයෙකු ලෙස වෙස්වළාගෙන තරගාවලියට ක්‍රීඩා කර ඇත. තරගාවලිය ආරම්භයේ සිට වජිර පෙරේරා සහ ආනන්ද් ඉදිරියෙන් සිටි අතර 4 වන වටයේ දී 3.0 බැගින් ලකුණු ලබාගෙන  වජිර පෙරේරා සහ ආනන්ද්  මුන ගැසුනි. ඇදීම් 60 කට පසු තරගයේ සුදු ඉත්තන් ක්‍රීඩා කළ වජිර පෙරේරාට ජය හිමි විය. වජිර පෙරේරා සිය ජයග්‍රාහී මාවත 6.0 / 6 ක් දක්වා ඉහළ නැංවීමට සමත් වූ අතර  ආනන්ද් , වජිර පෙරේරාට ලකුණක් පි‍ටුපසින් සිටියේය. නමුත් 7 වන වටයේ දී වජිර පෙරේරා  බ්ලන්ඩර් (විශාල වැරදී) ඇදීමක් කිරීම නිසා පරාද වූ අතර ආනන්ද් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා සමග තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගන්නා ලදී. 8 වන වටයේදී බංගලාදේශ ක්‍රීඩකයා සමග නියත ජයක් තිබූ තරගය වජිර පෙරේරා විසින් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ඉල්ලා සිට එකග වීමත්, ආනන්ද්  තම තරගය ජය ගැනීමත් සමග ආනන්ද් සහ වජිර පෙරේරා ලකුණු 6.5 බැගින් ලබා ලකුණු සම තත්ත්වයට පත්විය. ලකුණු සම තත්ත්වයකදී දෙදෙනා අතර තරගයේ ප්‍රතිඵල පළමු ටයි බ්‍රේක් එක වීම නිසා වජිර පෙරේරාට ආසියානු කණිශ්ඨ චෙස්  ශූරයා වීමට ලකුණු සමාන වීම ප්‍රමාණවත් විය. ඒ සදහා  වජිර පෙරේරාට අවසන් තරගය (9 වන වටය) ජයගැනීම අනිවාර්ය විය. නමුත් වජිර පෙරේරාට පෝන්ලා 2 ක වාසියක් තිබූ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත්, ආනන්ද් තම තරගය පහසුවෙන් ජයගැනීමත් නිසා වජිර පෙරේරාට ආසියානු කණිශ්ඨ චෙස්  ශූරයාවීමට නොහැකි විය. මෙම තරගවලියේදී වජිර පෙරේරා විසින් විශ්වනාත් ආනන්ද් පරාජය කළ තරගය පහත දැක්වේ.

[Event "Asia-ch U20 8th"] [Site "Coimbatore"] [Date "1984.??.??"] [Round "?"] [White "Perera, Vajira"] [Black "Anand, Viswanathan"] [Result "1-0"] [ECO "C70"] [BlackElo "2285"] [PlyCount "119"] [EventDate "1984.??.??"] [SourceDate "2020.03.17"] 1. e4 e5 2. Nf3 Nc6 3. Bb5 a6 4. Ba4 Nge7 5. c3 b5 6. Bc2 d6 7. d4 f6 8. Be3 g6 9. O-O Bb7 10. Nbd2 Bg7 11. Qe2 Qd7 12. a4 Nd8 13. axb5 axb5 14. Rxa8 Bxa8 15. Ra1 Bb7 16. d5 O-O 17. Bd3 c6 18. dxc6 Bxc6 19. c4 bxc4 20. Bxc4+ Kh8 21. Ra7 Nb7 22. b4 Nc8 23. Ra3 f5 24. Ng5 d5 25. exd5 Bxd5 26. Bxd5 Qxd5 27. Qc4 Qxc4 28. Nxc4 Bf6 29. Ne6 Re8 30. Nc5 Ncd6 31. Nxd6 Nxd6 32. Ra6 Be7 33. Nd7 f4 34. Bc5 Nf5 35. Kf1 Bxc5 36. bxc5 Kg7 37. c6 Nd4 38. Rb6 Rc8 39. Nxe5 Kf6 40. Nd3 f3 41. Nb4 Ke5 42. gxf3 Nxf3 43. Na6 Kd6 44. c7+ Ke7 45. Kg2 Nd4 46. Rb8 Kd7 47. Kg3 Ne6 48. Kg4 h6 49. h4 h5+ 50. Kf3 g5 51. hxg5 Nxg5+ 52. Kf4 Ne6+ 53. Kf5 Nxc7 54. Rxc8 Kxc8 55. Nxc7 Kxc7 56. Kg5 Kd6 57. Kxh5 Ke5 58. Kg5 Ke6 59. f4 Ke7 60. Kg6 1-0

1985 දී හොංකොං හි පැවති 9 වන ආසියානු කණිශ්ඨ චෙස් තරගාවලියේදී නැවත් ආනන්ද් සහ වජිර පෙරේරා එකිනෙකා මුනගැසිනි. මෙවර වජිර පෙරේරා තම ප්‍රහාරක හැකියාව හොදින් පෙන්වමින් ඇදීම් 29 කදී පහසුවෙන් ආනන්ද් පරාජය කළේය. එම තරගය පහත දැක්වේ.

[Event "Asian Junior Championship, 1985"] [Site "?"] [EventDate "1985.??.??"] [Round "?"] [White "Perera, Vajira"] [Black "Anand, Vishy"] [Result "1-0"] [ECO "C06"] [PlyCount "57"] [SourceDate "2020.03.17"] 1. e4 e6 2. d4 d5 3. Nd2 Nf6 4. e5 Nfd7 5. Bd3 c5 6. c3 Nc6 7. Ne2 cxd4 8. cxd4 f6 9. exf6 Nxf6 10. O-O Bd6 11. Nf3 Qc7 12. Bg5 O-O 13. Rc1 h6 14. Bh4 Ne4 15. Nc3 Bf4 16. Rc2 Ng5 17. Bxg5 hxg5 18. g3 g4 19. Nb5 Qf7 20. Nh4 Bb8 21. Bg6 Qf6 22. Qxg4 a6 23. Qh5 Rd8 24. Rc3 axb5 25. Rf3 Qxf3 26. Nxf3 Kf8 27. Qh8+ Ke7 28. Qxg7+ Kd6 29. Ng5 1-0

වජිර පෙරේරා සමග තරගය ආනන්ද්  පරාජය වූ නමුත්, ලකුණු 8.5/11 ලෙස ලබාගෙන මෙවරත් ආසියානු කණිශ්ඨ චෙස්  ශූරයා බවට පත් වූ අතර මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාවෙන් බිහිවූ ලාබලතම ඉන්ටර්නැශනල් මාස්ටර් වරයා බවට ද ඔහු පත් විය. ඉන් පසු ආනන්ද්  චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියෙන් ඉදිරියට ගොස් ලෝක චෙස් ශුරයා බවට පත් වීමටද සමත් විය. නමුත් 1980 දශකයේ අග භාගයේ ලංකාවේ පැවති කලබලකාරී තත්ත්වයත්" එම තත්ත්වය මත චෙස් සම්මේලනය අක්‍රිය වීමත් නිසා චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අවස්ථාවක් නොමැති වීමත් සමග වජිර පෙරේරා තම උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු විය.

කර්තෘ ගැන

කෞශල්‍ය වීරවර්ණ
2001 අන්තර්සමාජ චෙස් ශූරතාව දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
2005 අන්තර්සමාජ චෙස් තරගවෙලියේ තුන්වන ස්ථානය  දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-0-3)
පෝන් එන්ඩින්ග් (ISBN - 978-955-50380-1-0)
මූලික දැනුම ලත් ක්‍රීඩකයන් සදහා චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-2-7) යන සිංහල කෘතිවල රචකයා වේ.