Photograph by :

චෙස් ක්රීඩාවෙන් සාර්ථක වීමට, මුලින්ම දැනගන්න ඒ “ඇයි මොකටද?” කියලා

23 July 2020

ග්‍රෑන්ඩ්මාස්ටර් ඇවෙටික් ග්‍රිගෝරියන් විසිනි. (Article by GM Avetik Grigoryan)  globalchess.lk කණ්ඩායම විසින් පරිවර්තනය කරන ලදි.

බොහෝ විට මගෙන් අසනු ලබන්නේ: “වැඩි අවධානයක් (Concentration) පවත්වා ගන්නේ කෙසේද?”, “වැඩි ශක්තියක් (Energy) ලබා ගන්නේ කෙසේද?”, “වැරදිවලින් (Blunders) මිදෙන්නේ කෙසේද?”, “වේදනාකාරී පරාජයන්ගෙන් පසු නැවත ක්‍රීඩා කරන්නේ කෙසේද?”, “මම කම්මැලි වන විට ආසාවෙන් උද්යෝගයෙන් දිගටම වැඩ කරන්නේ කෙසේද?”

මේවා බෙහෙවින් වෙනස් ප්‍රශ්න වන අතර පිළිතුරු ද වෙනස් විය යුතු බව පෙනේ. නමුත් ඒවා එසේ නොවේ.​ 

මේ සියලු ප්‍රශ්නවලට පිළිතුර එකක් පමණි. එම පිළිතුර ඔබ තුළ ඇත. ඔබට අවශ්‍ය වන්නේ එක් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමයි. වඩා කෙටි, නමුත් වඩා අමාරු එකක්. එම ප්‍රශ්නය “ඇයි මොකටද?” 

ඔබට එය ලඟා කර ගැනීමට අවශ්‍ය ඇයි? මොකක්ද ඔබේ “ඇයි මොකටද?”                 වැදගත් වන්නේ ඔබට ලඟා කර ගැනීමට අවශ්‍ය දේ නොවේ. එනම්, ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු වීම, රේටින්ග් 2000 මට්ටමට යාම හෝ ඔබේ චෙස් කණ්ඩායමේ දක්ෂයා පරාජය කිරීම නොවේ. “ඇයි මොකටද?” ප්‍රශ්නයට ඔබගේ පිළිතුර ප්‍රමාණවත් තරම් ශක්තිමත් නම්, ඉහත අසන ලද ඕනෑම ප්‍රශ්නයක් සමඟ ඔබට ගැටලුවක් නොමැත. වැඩි අවධානයද, වැඩි ශක්තියද, උද්යෝගයද නොව “ඇයි මොකටද?” ප්‍රශ්නයට ඔබගේ පිළිතුර සියල්ල තීරණය කරයි.​

“මයික් ටයිසන්” ට එරෙහිව “බස්ටර් ඩග්ලස්”​

ඔබ මෙම කතාව දන්නේ නම්, ඔබට මෙම ඡේදය මඟ හැරිය හැක. නමුත් ඔබ මෙම කතාව අසා නැත්නම්, මෙය ඔබ මෙතෙක් අසා ඇති වඩාත්ම දිරිගන්වනසුලු කතාවයි. 

1990 පෙබරවාරි 11 වන දින ලෝක ශූර මයික් ටයිසන් සහ බස්ටර් ඩග්ලස් අතර තරඟයක් සංවිධානය කරන ලදී.​

බස්ටර් 42-1ක් ලෙස දැවැන්ත පසුබෑමක විය. ඔහුට තත්වය තවත් නරක අතට හැරුණි. තරඟයට දින 23 කට පෙර ඔහුගේ මව අභාවප්‍රාප්ත විය...

බොහෝ දෙනා සිතුවේ තරගය අවලංගු වේවි කියාය. නමුත් බස්ටර් ඩග්ලස් පැවසුවේ ඔහු තරඟ කරන බවයි.

ඒ වතාවේ ඔට්ටු අල්ලන්නන් ඩග්ලස්ට තත්පර කීයක් ඉවසා සිටිය හැකිදැයි ඔට්ටු ඇල්ලූහ.

සෑම කෙනෙකුම පුදුමයට පත් කරමින් ඔහු දිගු වේලාවක් රැඳී සිටියේය. නමුත් 8 වන වටයේ අවසාන තත්පර 10 ඇතුළත ටයිසන් විශාල පහරක් එල්ල කළ අතර එය ඩග්ලස්ව බිමහෙලීය. හැමෝම හිතුවේ එය අවසානය කියා ය. මයික් ටයිසන් විසින් බිම හෙලූ කිසිවෙකු කවදාවත් නැවත නැගිට නැත. නමුත් ඩග්ලස් කළා!

9 වන වටයේ දී, ඔහු ව පරාජය කිරීමට උත්සාහ කළ ටයිසන්ගේ සියලු ප්‍රහාරයන්ට ඔහු සාර්ථකව මුහුණ දුන්නේ ය. 10 වන වටයේ දී ඩග්ලස්, ටයිසන්ගේ හිසට පහර හතරක් එල්ල කරමින්, ටයිසන්ගේ ක්‍රීඩා ජීවිතයේ පළමු වතාවට ඔහුව තල්ලු කළේය.

මේ අනුව බස්ටර් ඩග්ලස් නව අවිවාදිත හෙවිවේට් ශූරයා බවට පත්විය!

තරඟයෙන් පසුව පැවති සම්මුඛ සාකච්ඡාවේදී ඩග්ලස් කඳුළු සැලුවේ, කිසිවෙකු තමාට කළ නොහැකි යැයි සිතූ අවස්ථාවක දී මෙම සටන ජය ගත්තේ කෙසේදැයි විමසූ විටය. “මගේ මව නිසා ... දෙවි පිහිටයි ඇගේ හදවතට”, නව හෙවිවේට් ශූරයා පැවසීය.

ඇගේ මව මිය යාමට පෙර ඇය තම පුතා මයික් ටයිසන්ව රාජය කරන බව ලොවට පවසා තිබුණි.

ප්‍රශ්නය වූයේ බිම වැටීමෙන් පසු ඔහු නැවත නැගිට සිටියේ කෙසේද යන්න නොව ඔහු නැගී සිටීමට සමත් වූයේ ඇයි මොකටද?”  යන්නයි.

ඔහුගේ “ඇයි මොකටද?” ඒ පහරට වඩා ශක්තිමත්…

කුමක්ද ඔබගේ “ඇයි මොකටද?”

ඔබේ ජීවිතයේ ඉතා දුෂ්කර අවස්ථාවන්ට ඔබ මුහුණ දෙනු ඇත. ඔබේ චෙස් ජීවිතයේ ඉතා දුෂ්කර අවස්ථාවන්ට ඔබ මුහුණ දෙනු ඇත. ඔබේ පැත්තෙන් වැරදි (blunders) සිදුවිය හැකිය. ඔබ වේදනාකාරී පරාජයන්ට මුහුණ දෙනු ඇත. ඔබගේ ඇයි මොකටද? යනු කුමක්දැයි ඔබ නොදන්නේ නම් හෝ ඔබේ “ඇයි මොකටද?”  ශක්තිමත් නොවේ නම්, ඔබට බොහෝ විට පසුබෑම් ඇති වන අතර අවසානයේදී ඔබ එයින් ඉවත්වී යනු ඇත.

සිහිනයක් හෝ ඉලක්කයක් තබා පසුව අතහැර දැමූ කී දෙනෙක් ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් එවැනි ය.  ඒ “ඇයි මොකටද?” යන ප්‍රශ්නයට ප්‍රමාණවත් තරම් ශක්තිමත් පිළිතුරක් ඔවුන් සතුව නොතිබූ බැවිනි.

මගේ වයස අවුරුදු 18 දී මම IM වන විට, ඊළඟ වසරේදී ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු වීමට මට ඉලක්කයක් තිබුණි. එනම් GM norm (norm) 3 ක් ලබා ගැනීම සහ 2500 ශ්‍රේණිගත කිරීම සමත් වීමයි. මම ඒක ක‌ෙළමි… කොහොමද?                                                                                                                                            හොඳයි, මා විශ්වාස කළ පුහුණුකරුවෙකු මට හමු විය, මට මගේ පවුලේ අයගෙන් දැඩි සහයෝගයක් ලැබුණි, සහ වෙනත් සාධක කිහිපයක් නිසා මම එය සාක්ෂාත් කර ගත්තෙමි.                                                                         නමුත් සෑම දෙයක්ම ආරම්භ වූයේ එක් ස්ථානයක සිටය. ඔබ එය අනුමාන කරනවාද? 

“ඇයි” ​​යන ප්‍රශ්නයට මට ඉතා ශක්තිමත් පිළිතුරක් තිබුණි. ග්‍රෑන්ඩ් මාස්ටර් වීමට හේතුව පමණක් නොව වසර 1 කින් මා එය කළ යුත්තේ ඇයි යන්නයි.ඔබ බොහෝ දෙනෙක් මගේ “ඇයි මොකටද?”  දන්නා නිසා මම එය නැවත නොකියමි. ඔබට එය දැන ගැනීමට අවශ්‍ය නම්, ජේ ගැරිසන් සමඟ මගේ සම්මුඛ සාකච්ඡාවට ලින්ක් එක මෙන්න.  https://www.youtube.com/watch?v=MEZ1gByPtxg&feature=youtu.be&t=527 

මෑතකදී මගේ එක් සිසුවෙකුට ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු වීමේ ඉලක්කයක් තිබුණි. ඔහු විශාල සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියෙකු වූ අතර එය පූර්ණ කාලීන රැකියාවක් විය. ඔහු විවාහකයෙකි. වෙනත් වචන වලින් කිවහොත්, චෙස් සඳහා ආයෝජනය කිරීමට වැඩි කාලයක් නොමැත. නමුත් ඔහුගේ ඇයි මොකටද?” ඉතා ශක්තිමත් විය. ඔහු ග්‍රෑන්ඩ්මාස්ටර් විය යුත්තේ ඇයි මොකටද?” 

ඔහුගේ පියා ඉතා අසනීපයෙන් සිටියේය… ඔහුගේ පියා කොපමණ කාලයක් ජීවත් වේදැයි ඔහු දැන සිටියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පියා ඔහු ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු වීම දැකීමයි.

ඔහුට ඉතා ශක්තිමත් “ඇයි මොකටද? යන්නක් තිබූ අතර මම ඔහුගේ “ඇයි මොකටද?යන්න විශ්වාස කළෙමි.

අපි වැඩ කරන්න පටන් ගත්තා මම දන්නේ නැහැ එය කළවිට අපෙන් කවරෙක් වැඩියෙන් සතුටින් සිටිනවාද, ඔහු, මම හෝ ඔහුගේ තාත්තා! ඔහු ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වුණා! (ඔහු ඉල්ලූ පරිදි මම ඔහුගේ නම පසුව හෙළි කරමි).

ඔබේ “ඇයි මොකටද?” යන්න ශක්තිමත්ද?

සෑම කෙනෙකුටම සිහිනයක් තිබේ, සෑම කෙනෙකුටම ඉලක්කයක් ඇත. නමුත් “ඇයි මොකටද?” යන්න වෙනස් ය. සමහරුන්ට ඇයි මොකටද?” යන්නක් කිසිසේත් නැත.

“ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු වන්නේ කෙසේද” යන නවතම ලිපියේ මම විශ්වාස කළ අයට මගේ සහය පිරිනමමි. “ඔබට ග්‍රෑන්ඩ් මාස්ටර් වීමට අවශ්‍ය ඇයි” යන එක් ප්‍රශ්නයක් ඇතුළත් ෆෝම් එක පුරවන්නැයි මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි.

මට වෙනස් පිළිතුරු ලැබුණා. එය පහසු නිසා හෝ මට එය අවශ්‍යයි යනාදී පිළිතුරු.

ඒ අතරම “මගේ රටේ අපට තවමත් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් නැහැ, මට අවශ්‍ය වන්නේ පළමුවැන්නා වී අන් අයට උද්යෝගයක් ලබා දීමට” වැනි ශක්තිමත් පිළිතුරු විය.

ඔබ සිතන්නේ කුමක්ද, මේ අයගෙන් කවරෙකුට ග්‍රෑන්ඩ්මාස්ටර් වීමට වැඩි ඉඩක් තිබේද?

ජීවිතයේ ශක්තිමත් “ඇයි මොකටද?” යන්න සොයා ගන්න.

ඔබ චෙස් ක්‍රීඩාවට පමණක් නොව ඔබේ ජීවිතයේ ඔබ කරන ඕනෑම දෙයකට වඩා ශක්තිමත් පිළිතුරක් “ඇයි මොකටද?” යන්නට සොයාගත යුතුය, … ඔබේ ඇඳෙන් අවදි වීමට අවශ්‍ය ඇයි මොකටදැයි ඔබ සොයා ගත යුතුය.

මම චෙස්මූඩ් (www.chessmood.com) ආරම්භ කරන විට, මට ආයෝජනයට මුදල් නොතිබුණි, ඔන්ලයින් සමාගමක් පවත්වාගෙන යාම පිළිබඳ දැනුමක් නොවීය, කණ්ඩායමක් මෙහෙයවීමේ අත්දැකීමක් නොතිබුණි කිසිවක් නැත. චෙස්මූඩ් ආරම්භ කිරීම සඳහා මට අවම වශයෙන් ඩොලර් 100,000 ආයෝජනයක් අවශ්‍ය බව මට නැවත නැවතත් පැවසුවා. මගේ බැංකු ගිණුමේ තිබුණේ ඩොලර් 1000 ක් පමණි ... (මා මීට පෙර කළ නරක ආයෝජන කිහිපයක් නිසාය. මා පසුව ගැන කියන්නම්).

වැඩ සාර්ථකකිරීමට ඇති ඉඞ ඉතා අඩු විය. නමුත් මම එය ආරම්භ කළා අවුරුද්දක් මම නිතිපතා පාන්දර 4 අවදි වී රාත්‍රී 9 වන තෙක් වැඩ කළෙමි. සතියේ දින 6 ක් මට චෙස්මූඩ් නිර්මාණය කිරීමට පමණක් නොව සියලු වියදම් පියවා ගැනීමටද සිදු විය.

මගේ පවුලේ අය එය දුටුවා, මගේ බිරිඳ එය දැකිය යුතුයි මම එය කිරීමට සමත් වූයේ කෙසේද? මගේ ඉතා ශක්තිමත් ඇයි මොකටද?” යන්න, මගේ නින්දට වඩා ශක්තිමත් විය.

චෙස් අධ්‍යාපනික ආයතන කීපයක් ඉතා දුර්වල පාඩම්මාලා හදමින් ඒවා ආකර්ශනීය අලෙවිකරණ වචනවලින් විකිණීම මට කණගාටුවක් විය. බොහෝ චෙස් ලෝලීන්ගේ සිහින බිඳ දමා ව්‍යාජ පොරොන්දු විකුණමින් ඔවුන් විශාල මුදල් උපයන්නේ කෙසේද?

එය මගේ සිහිනය පමණක් නොවේ. ඒවා සියල්ලම වසා දැමීම මගේ ඉලක්කයයි. චෙස් ලෝලීන්ට ඇත්තටම උදව් කරන චෙස් අධ්‍යාපනික ආයතනයක් නිර්මාණය කිරීම මඟින් මිනිසුන්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇත. මගේ සහ මගේ ග්‍රෑන්ඩ්මාස්ටර් මිතුරන්ගේ අත්දැකීම් තුලින් අපගේ සිසුන්ට ඔවුන්ගේ අරමුණු වේගයෙන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමට මම උත්සාහ කරමි.

වේලාසනින් අවදි වීමේ ගැටලුවක් මට තිබේද? මාව නවත්වන්න පුළුවන් දෙයක් තියෙනවද?

දැන් ප්‍රශ්න වලට පිළිතුරු දෙමු.

ලිපියේ ආරම්භයේ දී මා කියා සිටියේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුර එකක් පමණක් බවයි. දැන් මට කියන්න, යමෙකුගේ ඇයි මොකටද?” යන්න ඉතා ශක්තිමත් නම් ඔහුට උද්යෝගය-උනන්දුව (Motivation-අභිප්‍රේරණය) පිළිබඳ ගැටළු ඇතිවේද? ඔහු කවදා හෝ, ඔහුගේ චෙස් ක්‍රීඩාව අතරතුර, ඇවිදීමට පටන් ගෙන ඊළඟ පුවරුවේ සිටින ගැහැනු ළමයින් කිහිපදෙනෙකු දෙස යොමු වෙයිද, පසුව ඔහුගේ ක්‍රීඩාවට අවධානය යොමු කරන්නේ කෙසේදැයි විමසනු ඇත්ද? කිසිදු වේදනාකාරී පරාජයක් ඔහුව බිඳ නොදමන අතර ඔහුට සෑමතැනකම ශක්තිමත්ව සිටීමට හැකි වනු ඇත. ඔහුට ශක්තිමත් ඇයි මොකටද?” යන්නක් තිබේ නම්…!

කම්මැලි වූ විට උද්යෝගිමත් වන්නේ කෙසේදැයි යමෙකු මගෙන් ඇසූ විට, මට ටෝනි රොබින්ස්ගේ වචන මතක් වේ.

බොහෝ ප්‍රශ්න වලට පිළිතුර සරල ය. ඔබට ශක්තිමත් “ඇයි මොකටද?” යන්නක්  ඇත්නම් ඒවා කිසිවක් ඔබේ හිසෙහි නැත!

ඔබට ශක්තිමත් ඇයි මොකටද?” යන්නක් ඇත්නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකිය. උදාහරණයක් ලෙස, ඔබට ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු වීමට අවශ්‍ය යැයි ඔබ කියන්නේ නම්, එය ඉලක්කයක් වන නමුත් එය ඔබේ මොළයට වැඩි යමක් නොකියයි. ඔබට ග්‍රෑන්ඩ් මාස්ටර් වීමට අවශ්‍ය ඇයි, එය ඔබට අදහස් කරන්නේ කුමක්ද යන්න ඔබ තේරුම් ගන්නේ නම්, ඔබ එහි යාමට වඩා පෙළඹෙනු ඇත.

යමක් කිරීමට හේතුව එය කරන්නේ කෙසේද යන්නට වඩා වැදගත්ය. ඔබට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ඇයි මොකටද?” යන්නක් ඇත්නම් එය කරන්නේ කෙසේදැයි ඔබට සැමවිටම හඳුනාගත හැකිය.

ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?

මෙතැන් සිට ආරම්භ කරන්න. ඔබේ හේතුව ඇයි මොකටද?” යන්න සොයා ගන්න. තත්පර 5 කින් පිළිතුරු නොදෙන්න. ඔබේ ඉලක්කය කුමක් වුවත් ගැන බැරෑරුම් ලෙස සිතා බලා ශක්තිමත් පිළිතුරක් ලබා දෙන්න.

ඔබගේ පිළිතුරේ ශක්තිය ඔබ එහි යනවාද නැද්ද යන්න තීරණය කරයි. ඔබ එහි යන තෙක් ඔබ වැඩි වැඩියෙන් තල්ලු කරනවාද? නැතහොත් ඔබ පළමු පහරින්ම පසු බසිනවාද?

ඔබට ඔබේ අදහස් සහ ඔබේ ඇයි මොකටද?” යන්න අපගේ ෆෝරම් එකේ බෙදා ගත හැකිය.

අපගේ https://chessmood.com/blog  බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් (subscribe) වීමට අමතක නොකරන්න, ඔබේ මිතුරන්ට අවශ්‍ය ලිපි (articles) ඔවුන් සමඟ බෙදාගන්න (share).

කර්තෘ ගැන

ආර්මේනියානු චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් ඇවෙටික් ග්‍රිගෝරියන් www.chessmood.com චෙස්මූඩ් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වේ. වයස අවුරුදු 19 දී ග්‍රෑන්ඩ්මාස්ටර් වූ ඔහු 2010 දී ආර්මේනියාවේ චෙස් ශූරයා බවට පත් විය10 වඩා වැඩි GM සහ IM චෙස් ක්‍රීඩකයින්ගේ පුහුණුකරු මෙන්ම 2017 තායිලන්ත ජාතික චෙස් කණ්ඩායමේ පුහුණුකරුද විය. පහත දැක්වෙන්නේ මුල් ලිපියේ ලින්ක් එකයි.

https://chessmood.com/blog/to-succeed-at-chess-start-with-why

ඔබේ ශක්තිමත් ඇයි මොකටද?” යන්න සමග නිවැරදි මූඩ් එකකට ක්ලික් කරන්න www.chessmood.com

Special Thank

Globalchess.lk team highly appreciates the fast and positive response of GM Avetik Grigoryan for the request of Global Chess Kids Pvt Ltd. This is the first motivational article translated for the chess players who use Sinhala as the communication language. We are thankful GM Avetik for joining to open a new chapter for Sri Lanka Chess community.