Photograph by :

දින කිහිපයකට පසුව අමතක නොවනසේ චෙස් ඕපනින්ග්ස් සහ වේරියේෂන්ස් මතක තබා ගන්නේ කෙසේද?

14 September 2020

ග්‍රෑන්ඩ්මාස්ටර් ඇවෙටික් ග්‍රිගෝරියන් විසිනි. (Article by GM Avetik Grigoryan)  globalchess.lk කණ්ඩායම විසින් පරිවර්තනය කරන ලදි.

චෙස් ඕපනින්ග්ස් ඉගෙන ගැනීමේදී චෙස් ක්‍රීඩකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් වන්නේ අලුත් ලයින්ස් සහ වේරියේෂන්ස් මතක තබා ගන්නේ කෙසේද යන්නයි.

ඔව්, උදව් කිරීමට පොරොන්දු වන ඇප් සහ වෙබ් අඩවි ඇත - ඒවායින් සමහරක් ඇත්තෙන්ම ප්‍රයෝජනවත් විය හැකිය. නමුත් පොදුවේ ගත් කල, ගැටළුව වන්නේ ඔබට දින කිහිපයක් තිස්සේ සියල්ල මතක තබා ගත හැකි වුවත්, ඔබට එය ඉක්මණින් අමතක වීමයි. එය හරියටම සිදුවන්නේ ඇයි කියා ඔබ කවදා හෝ ඔබෙන්ම අසා තිබේද?

හොඳයි, මෙන්න හේතුව; ඔබගේ ඉගෙනීමේ ගැඹුර ප්‍රමාණවත් නොවේ! වේරියේෂන්ස් මතක තබා ගැනීම ඇදිලි කටපාඩම් කිරීම පමණක්ම නොවේ; වෙනුවට, ඔබ පොෂිෂන් සම්පූර්ණයෙන්ම වටහා ගත යුතුය.

මෙම ගැටළුව සමඟ පොරබදමින් සිසුන් පුහුණු කරමින් සිටින මම වසර ගණනාවකට පසු පියවර 4 කින් යුත් ක්‍රමයක් නිර්මාණය කළ අතර එමඟින් ඵලදායී ලෙස මතක තබා ගැනීම සඳහා ගැඹුරු දැනුම භාවිතා කිරීමට ඔබට උපකාරී වනු ඇත. අපි බලමු!

පියවර 1 - 107% අවධානයෙන් අධ්‍යයනය කරන්න

මට වයස අවුරුදු 19 දී මගේ GM මට්ටම ලැබුණු විට, මම ඉතා විශිෂ්ට ග්‍රෑන්ඩ් මාස්ටර් ව්ලැඩිමීර් අකෝපියන් සමඟ වැඩ කිරීමට පටන් ගතිමි (ඒ වන විට ඔහුට 2700 කට වඩා වැඩි ශ්‍රේණිගත කිරීමක් තිබුණි!)..

අපගේ පළමු පාඩමට සහභාගී වීමට මා අතිශයින් පුදුමාකාර සතුටකට පත්වූ අතර, මගේ ලැප්ටොප්, පෑන සහ සටහන් පොත මා සමඟ රැගෙන, මා ඉගෙන ගැනීමට යන සෑම දෙයක්ම ලිවීමට මම සිතුවෙමි. ඇත්ත වශයෙන්ම, අපගේ පාඩම් අතරතුර කිසිදු සටහනක් ගැනීම ඔහු මට තහනම් කරනු ඇතැයි මම කිසි විටෙකත් අනුමාන නොකළෙමි!

මුලදී මම ව්‍යාකූල වූයෙමි. ඔහු සිසිලියන් ඩිෆෙන්ස් හි ඉතා දිගු හා සංකීර්ණ වේරියේෂන්ස් පෙන්වමින් සිටි අතර මට සිතා ගත නොහැකි වූයේ මම මේ සියල්ල මතකයේ තබා ගන්නේ කෙසේද යන්නයි. නමුත් තවමත් ඔහු අවධාරනය කළේ මම සටහන් සහ PGN නිවසේදීම සාදන ලෙසයි.

මම “සර්, මගේ මතකය ඔබේ තරම් හොඳ නැහැ, මට මේ සියල්ල මතක තබා ගන්න බැහැ ...” කියන මට්ටමක වූයෙමි. නමුත් මට විරුද්ධ විය නොහැක. අකෝපියන් යනු අකෝපියන් ය.

Vladimir Akopian (ව්ලැඩිමීර් අකෝපියන්)

එවැනි ඉහළ මට්ටමේ ක්‍රීඩකයෙකු සමඟ මා නැවත කතා කරන්නේ කෙසේද? මට විකල්පයක් නොතිබූ නිසා, මගේ අවධානය 100% සිට 107% දක්වා වැඩි විය 

පාඩමෙන් පසු, මම ආපසු නිවසට පැමිණි විගසම, රාත්‍රී ආහාරය නොගෙන චෙස් බේස් විවෘත කර අලුත් ලයින්ස් සහ වේරියේෂන්ස් සියල්ලම මගේ මනසෙහි නැවුම්ව තිබියදීම එකතු කළෙමි.

පුදුමයට කරුණක් නම්, මා සිතුවාට වඩා බොහෝ දේ මට මතකය. මට සියල්ල මතක නැති අතර, මට සියලු වැදගත් දේවල් මතකය.

පසුව ඔහු සිය දර්ශනය පැහැදිලි කළේය: ඔබ යමක් ඉගෙන ගන්නා අතරතුර සටහන් ගන්නේ නම්, ඔබේ මොළය පූර්ණ අවධානයක් යොමු නොකරයි, මන්ද ඔබ දේවල් ලියා ඇති බව දන්නා නිසා ඔබ එය පසුව සමාලෝචනය කරන බව දන්නා බැවින් එය ලිහිල් (relax) කිරීමට පටන් ගනී.

මෙය මට හොඳ පාඩමක් විය. විශේෂයෙන්ම පසුව ස්නායු විද්‍යාව හැදෑරීමෙන් පසු මෙම සංකල්පය ගැඹුරින් තේරුම් ගැනීමට මම පටන් ගතිමි.

එබැවින් පළමු පියවර, මම මගේ සිසුන්ට නිර්දේශ කරන්නනේ වීඩියෝ නරඹනවාද, චෙස් පොතක් කියවනවාද, නැතහොත් යමෙකු සමඟ වැඩ කරනවාද 107% අවධානය යොමු කළ යුතු නමුත් කිසිදු සටහනක් නොගෙන කරන්න.

පියවර 2 - ඔබේ ෆයිල් සාදන්න

පාඩමක් ඉගෙන ගැනීමෙන් පසුව හෝ වීඩියෝ පාඨමාලාවක් නැරඹීමෙන් පසුව, ඊලඟට ඔබ ඉගෙන ගත් චෙස් ඇදිලි සටහන් කිරීම කළ යුතුයි. ඔබට එය චෙස්බේස්, ලීචෙස් හෝ එවැනි වෙනත් ඔන්ලයින් වේදිකාවකින් කළ හැකිය.

ඉතින් අපේ සිසුන්ට චෙස්මූඩ් පාඨමාලා මතක තබා ගැනීමට උපදෙස් දෙන්නේ කෙසේද?

1. ඔබේ මතකය ප්‍රමාණවත් නම්, ඔබට සම්පූර්ණ පාඨමාලාව නැරඹිය හැකිය, ඉන්පසු ඔබ ඉගෙන ගත් දේ ඔබේ ෆයිල් වලට එක් කරන්න.

2. මගේ මතකය මගේ මෙන් දුර්වල නම්, ඔබට ඔබේ සටහන් කොටසින් කොටස එකතු කළ හැකිය.

3. මතකය වඩාත් දුර්වල නම්, ඔබට වීඩියෝවෙන් වීඩියෝව වැඩ කළ හැකිය.

ඔබට කුමක් අමතක වුවද, නැවත පාඨමාලාවට යන්න.

මෙම ක්‍රියාවලිය ඔබ එක් මොනිටරයකින් පාඨමාලාව නරඹමින් තවත් මොනිටරයක සටහනක් තබනවාට වඩා වැඩි කාලයක් ගතවනු ඇත. කෙසේ වෙතත්, මම නිර්දේශ කරන ආකාරයට එය කිරීමෙන්, ඔබ ලබා ගන්නා දැනුම වඩාත් ගැඹුරට ඔබේ සවිඤ්ඤානක සිත සහ යටි සිත (conscious and subconscious mind) තුළට ගොස් සියලු වේරියේෂන්ස් මතක තබා ගැනීමට උපකාරී වේ.

පියවර 3 - පුහුණු වන්න

ඔබ පාඨමාලාවක් නැරඹීමෙන් හෝ පොතක පරිච්ඡේදයක් කියවීමෙන් පසු, එය පුහුණු වීමට කාලයයි.

උදාහරණයක් ලෙස, ඔබ අපේ කැරෝ-කාන් (Caro-Kann) පාඨමාලාව නරඹා ඔබගේ ෆයිල් නිර්මාණය කළ බව කියමු. දැන් එය පුහුණු වීමට කාලයයි.

සෑම විටම 1.e4 ක්‍රීඩා කරමින්, ඔබ ඔන්ලයින් චෙස් ක්‍රීඩා කිරීමට ගියහොත්තරඟ 10 න්, ඔබ බොහෝ විට කැරෝ- කාන් තරඟ 1 කට - 2 කට මුහුණ දෙනු ඇත. එය නරක නැත.

කෙසේ වෙතත්, වඩා හොඳ ක්‍රමයක් තිබේ ...

හවුල්කරුවෙකු (Partner) සමඟ වැඩ කරන්න

උදාහරණයක් ලෙස, ඔබ සහ මිතුරෙකු කැරෝ-කාන් (Caro-Kann) පාඨමාලාව නරඹන්නේ නම්, පසුව ඔබට ඔහු සමඟ කැරෝ-කාන් පමණක් ක්‍රීඩා කළ හැකිය. නැතහොත්, ඔබ ඔබේ මිතුරෙකුගෙන් ඔබ සමග කළු සඳහා කැරෝ-කාන් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඔහුට අභියෝග කරන්න.

(ඔබට හවුල්කරුවෙකු නොමැති නම්, ඔබට අපගේ ෆෝරමයේ https://chessmood.com/forum/main-channel/new-article-how-to-memorize-chess-openings-and-variations-without-forgetting-them-a-few-days-later  පහසුවෙන් සොයාගත හැකිය.)

පියවර 4 - ඔබේ වැරදි නිවැරදි කර ගන්න

අවසාන පියවර: ඔබ අලුත් ඕපනින්ග් එකක් ඉගෙන ගෙන පුහුණු වීමට පටන් ගත් විට, ඔබට සියල්ල මතක තබා ගෙන එය නිවැරදිව සෙල්ලම් කිරීමට ප්‍රායෝගිකව ක්‍රමයක් නොමැත.

ඔබගේ ස්කෝර්ෂීට් පරීක්ෂා කර ඔබගේ වැරදි නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. එසේ නොමැතිනම්, ඔබ එකම වැරදි නැවත නැවතත් කරනු ඇත.

ඉතින් ඔබ ඒවා නිවැරදි කළ යුත්තේ කෙසේද?

ඔබ ඔන්ලයින් ගේම්ස් කිහිපයක් ක්‍රීඩා කළා යැයි සිතමු. ඔබ එම ගේම්ස් බාගත කර පියවර 2 දී ඔබ කලින් නිර්මාණය කළ ෆයිල් සමඟ සසඳන්න. ඔබ සියල්ල නිවැරදිව කළාද? එසේ නොවේ නම්, සටහනක් තබා ඉදිරියට යන්න.

ඔබේ ෆයිල් එකේ (හෝ පාඨමාලාවේ / පොතේ) ආවරණය නොවූ ඇදිල්ලක් ඔබේ ප්‍රතිවාදියා විසින් ඉටු කර ඇත්නම්, එම ඇදිල්ල නරක විය හැක්කේ මන්ද සහ එහි අවාසි මොනවාදැයි සිතා බැලීමට උත්සාහ කරන්න. ඉන්පසුව, චෙස් එන්ජිමක හෝ පුහුණුකරුගේ හෝ මිතුරෙකුගේ උපකාරයෙන් ඔබට අනාගතයේදී එයට මුහුණ දීමට හොඳම විසඳුම සකස් කිරීමට උත්සාහ කළ හැකිය.

හොඳම දෙය නම්, ඔබ ඕපනින්ග්ස් වඩා හොඳින් දැනගන්නවා පමණක් නොව, ඇදිලි අන්ධ ලෙස කටපාඩම් කිරීම වෙනුවට ඔබ එය වඩා හොඳින් තේරුම් ගැනීමට පටන් ගනී.

සාරාංශය

බොහෝ වෙබ් අඩවි ඔබට පහසුවෙන් වේරියේෂන්ස් මතක තබා ගත හැකිය යන අදහස විකුණනු ඇත - සමහර විට එම ක්‍රම ක්‍රියාත්මක විය හැකිය. කෙසේ වෙතත්, ගැටළුව වන්නේ ඔබට මතක තබා ගැනීම කොතරම් පහසුද, ඔබට අමතක වීමද එතරම් පහසු වීමයි.

වේරියේෂන්ස් මතක තබා ගැනීමේ රහස වන්නේ අන්ධ ලෙස ඇදිලි මතක තබා ගැනීම නොව ඒවා තේරුම් ගැනීමයි.

මෙම පියවර 4 ක්‍රමයේදී ඔබට වැඩි කාලයක් ගතවනු ඇත, නමුත් ප්‍රතිඵලය සහතික කෙරේ. වේරියේෂන්ස් මතක තබා ගැනීම පමණක් නොව චෙස් ඕපනින්ග්ස් කොටසෙහි දී ඔබට සුවපහසුවක් දැනෙන අතර ඔබ මතක තබා ගැනීමේ ක්‍රියාවලිය තුල වඩා හොඳ චෙස් ක්‍රීඩකයෙකු වනු ඇත.

වේරියේෂන්ස් මතක තබා ගැනීමේදීද ඔබට ගැටලු තිබේද?

මෙම පියවර 4 ක්‍රමය කිරීමට ඔබ කැපවී සිටිනවාද?

මෙම ලිපියෙන් ඔබ ගත යුතු දෑ භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ෆෝරමයේ (https://chessmood.com/forum/main-channel/new-article-how-to-memorize-chess-openings-and-variations-without-forgetting-them-a-few-days-later) ඔබේ අදහස් සහ සැලසුම් බෙදා ගන්න.

කර්තෘ ගැන

ආර්මේනියානු චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් ඇවෙටික් ග්‍රිගෝරියන් www.chessmood.com චෙස්මූඩ් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වේ. වයස අවුරුදු 19 දී ග්‍රෑන්ඩ්මාස්ටර් වූ ඔහු 2010 දී ආර්මේනියාවේ චෙස් ශූරයා බවට පත් විය. 10 වඩා වැඩි GM සහ IM චෙස් ක්‍රීඩකයින්ගේ පුහුණුකරු මෙන්ම 2017 තායිලන්ත ජාතික චෙස් කණ්ඩායමේ පුහුණුකරුද විය.

මුල් ලිපිය https://chessmood.com/blog/how-to-memorize-chess-openings-variations

චෙස් ඕපනින්ග්ස් ඉගෙනීමට https://chessmood.com/

Special Thank

Globalchess.lk team highly appreciates the fast and positive response of GM Avetik Grigoryan for the request of Global Chess Kids Pvt Ltd. This is the forth motivational article translated for the chess players who use Sinhala as the communication language. We are thankful GM Avetik for joining to open a new chapter for Sri Lanka Chess community.