Photograph by :

GCK චෙස් ප්රවර්ධන වැඩසටහන - පෙර පාසල් ගුරුවරුන් සඳහා එක් දින පාඨමාලාව

30 August 2020

By globalchess.lk 

Globalchess.lk  හි දැක්ම වන්නේ “වයස අවුරුදු 4 ට වැඩි සෑම ශ්‍රී ලාංකිකයෙක්ම පෝන් ඉත්තෙක් ක්වීන් ඉත්තෙකුට පමණක් උසස් නොවන බව දැනගත යුතුයි” යන්නයි. පෙර පාසල් ගුරුවරුන්ගේ සහාය නොමැතිව එය සාක්ෂාත් කරගත නොහැක. එබැවින් අපි මෙම පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන හඳුන්වා දී ඇත්තෙමු. කුඩා දරුවන් චෙස් ක්‍රීඩකයින් බවට පත් කිරීම සඳහා අවශ්‍ය දැනුම පෙර පාසල් ගුරුවරුන් වෙත ලබාදීම වැඩසටහනේ අරමුණයි.

වැඩසටහනට සහභාගිවන්නන් සඳහා ලැබෙන ප්‍රතිලාභ

කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවීම - GCK මගින් පවත්වන මෙම එක්දින නොමිලේ පාඨමාලාව ඔබව චෙස් ක්‍රීඩකයෙකු බවට පත් කිරීම පමනක් නොව ඔබගේ පෙර පාසලේ දැනට පවතින විෂය මාලාවට චෙස් ක්‍රීඩාව අධ්‍යාපන මෙවලමක් ලෙස ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමටද කටයුතු කරයි.

අගය එකතු කිරීමක්  - චෙස් යනු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රීඩාවයි. නුදුරු අනාගතයේ දී දෙමාපියන් චෙස් වැනි අධ්‍යාපන මෙවලම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. අපගේ අභිප්‍රාය වන්නේද සෑම පෙර පාසලක්ම 2025 දී චෙස් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.

ඔබේ දරුවන් සඳහා තරඟකාරී කුසලතාවක් - ශ්‍රී ලංකාවේ චෙස් සම්මේලනය දැනටමත් 2020 සිට 6 න් පහළ ජාතික යෞවන චෙස් ශූරතාවලියක් ආරම්භ කර තිබේ. කුඩා ළමුන් සඳහා චෙස් තරඟාවලි බොහොමයක් තිබේ. දක්ශ ක්‍රීඩකයන් වීමට හැකියාවක් ඇති ළමයින් ඔබ හඳුනාගත් පසු ඔවුන්ව තරඟාවලි වලට සහභාගී වීමට මඟ පෙන්විම තුළින් ඔවුන්ගේ චෙස් ගමන ආරම්භ කිරීමට ඔබට දායක විය හැකිය.

ශ්‍රී ලංකා චෙස් ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන්න - අනාගතයේදී ඔබට දැනුම ශ්‍රේණිගත කිරීමේ කඳවුරු, දැනුම ගොඩනැගීමේ සහ චිත්‍ර ඇඳීමේ ක්‍රියාකාරකම් වැනි අභ්‍යන්තර චෙස් ඉසව් සංවිධානය කළ හැකිය. චෙස් වැඩසටහන් වලට සහාය වීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. ඔබ ශ්‍රී ලංකා ග්‍රෑන්ඩ් මාස්ටර් වරයෙකුගේ පළමු ගුරුවරයා විය හැකිය.

 ඔබ මෙම වැඩසටහන කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් මෙම පෝරමය. CLICK