Photograph by : Internet

චෙස් ඉතිහාසයේ අද්විතීය චෙස් තරග - 02

29 July 2020

by Kaushalya Weerawarna

  • අමරණීය චෙස් තරගය  (Immortal Game)!
  • සුදු - ඇඩොල්ෆ් ඇන්ඩර්සන් (Adolf Anderssen)
  • කළු - ලයනල් කීසෙරිට්ස්කි (Lionel Kieseritzky)
  • ලන්ඩන්- 1851.06.21
  • [මෙම චෙස් තරගය 1851 ලන්ඩන්හි පැවති පළමු ජාත්‍යන්තර තරඟාවලියේ විවේක කාලයේදී ක්‍රීඩා කරන ලද සුහද චෙස්තරගයකි (friendly game)]

1. e4 e5 2. f4

[කිංග්ස් ගැම්බිට් (King’s Gambit) හි ආරම්භක චලනයයි] 

2... exf4 3. Bc4

[මෙම ඇදීමෙන් පසු තරග ආරම්භය බිෂොප් ගැම්බිට් (Bishop’s Gambit) ලෙස නම් කරයි] 

3... Qh4+ 4. Kf1 b5?!

5. Bxb5 Nf6

5... Bc5 ?! නම්, 6. d4!±

6. Nf3

සුදු පිළ තම නයිට් ඉදිරියට ගනිමින් කළු ක්වීන්ට ප්‍රහාරයක් එල්ල කරයි.

6... Qh6 7. d3

7.Nc3 වඩාත් නිවැරදි ඇදීම වේ.

7... Nh5

කළු පිළ … Ng3+ ඇදීම සිදු කිරීමේ තර්ජනයක් ඇති කරන අතරම f4 හි සිටින තම පෝන් ආරක්ෂා කර ගනී.

8. Nh4 Qg5

… g6 වඩාත් නිවැරදි ඇදීම වේ.

9. Nf5 c6

වඩාත් නිවැරදි වන්නේ 9… g6 10.h4 Qf6 වේ.

10. g4?

10. Ba4!වඩාත් නිවැරදි ඇදීම වේ.

10… Nf6 11. Rg1!

සුදු පිළ 12.h4 සිදු කිරීමේ තර්ජනය ඇති කරයි. 

11... cxb5?

වඩාත් නිවැරදි වන්නේ 11… h5 12.h4 Qg6 වේ.

12. h4! Qg6 13. h5 Qg5 14. Qf3

මෙම ඇදීමෙන් කළු පිළට පහත තර්ජන ඇති වේ.

  • 15. Bxf4 මගින් කළු ක්වීන් හිර වේ.
  • 15. e5මගින් කළු නයිට්ට ප්‍රහාර එල්ල කරන අතරම a8 හි සිටින කළු රුක්ට f3හි සිටින සුදු ක්වීන්ගෙන් ඩිස්කවර් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ඇති වේ.

14... Ng8 15. Bxf4 Qf6 16. Nc3 Bc5?

සුදු පිළෙන් එල්ල වන ප්‍රහාරය වැලැක්වීම සදහා 16... Qc6 සිදු කිරීම වඩාත් නිවැරදි වේ.

17. Nd5

සුදු පිළ තම රුක්ට එල්ල වන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කළු ක්වීන්ට ප්‍රහාර එල්ල කරන අතරම Nc7+ තර්ජනයද එල්ල කරයි.

17... Qxb2

කළු පිළ, සුදු පිළේ පෝන් කෙනෙකු ලබා ගනිමින් a1 හි සිටින සුදු රුක්ව ලබා ගැනීමේ තර්ජනය ඇති කරයි.

18. Bd6?

18.Re1 වඩාත් නිවැරදි ඇදීම වේ.

18... Bxg1?

වඩාත් නිවැරදි ඇදීම 18... Qxa1+ වේ. ඉන් පසු 19. Ke2 Qb2 20.Bxc5 Qxc2 21.Ke1 Qxc5 ලෙස කළු පිළට වාසි හිමි වේ.

19. e5!

සුදු පිළ 20.Nxg7+ Kd8 21.Bc7#. ලෙස කළු කිංග් චෙක් මේට් කිරීමේ තර්ජනයක් ඇති කරයි.

19... Qxa1+  20. Ke2

කීසෙරිට්ස්කි පවසන පරිදි ඔහු මේ අවස්ථාවේදී ඉල්ලා අස්විය.1893 දී බැල්ටිෂ් ෂාච්බ්ලේටර් (Baltische Schachblaetter) සඟරාවේ ෆ්‍රෙඩ්රික් අමෙලුන්ග් (Friedrich Amelung) විසින් පළ කරන ලද ලිපියක කීසර්ටිස්කි බොහෝ විට 20 ... Na6 ක්‍රීඩා කර ඇති බව වාර්තා වූ නමුත් ඇන්ඩර්සන් පසුව කළු කිංග් චෙක් මේට් කිරීමේ පියවර ප්‍රකාශයට පත් කළ බව හොබ්නර් (Hübner) සඳහන් කරයි. 1851 ප්‍රකාශනයක් උපුටා දක්වමින් බ්ලැක් මේ අවස්ථාවේදී ඉල්ලා අස් වූ බව ඔක්ස්ෆර්ඩ් කම්පැනියන් ටු චෙස් (The Oxford Companion to Chess) පවසයි. කෙසේ වෙතත්, අවසාන චලනයන් මුල් ක්‍රීඩාවේදී පුවරුවේ සැබවින්ම ක්‍රීඩා නොකළ බවට සැක කෙරේ.

20... Na6?

කළු නයිට්ගෙන් c7 කො‍ටුව ආරක්ෂා කරමින් ලෙස තම කිංග් චෙක් මේට් වීම නැවැත්වීමට උත්සාහ කරයි. නමුත් වඩාත් නිවැරදි චලනය වන්නේ 20...Ba6 වේ. 21.Nc7+ Kd8  Bb6 (Bc7+ නැවැත්වීම මෙම චලනය සිදු කරයි.) 23.Qxa8 Qc3 24.Qxb8+ Qc8 25.Qxc8+ Kxc8 26.Bf8 h6 27.Nd6+ Kd8 28.Nxf7+ Ke8 29.Nxh8 Kxf8 ලෙස සුදු පිළට ජයග්‍රාහී අවසන් තරගයක් ලැබේ.

21. Nxg7+ Kd8 22. Qf6+!

සුදු පිළ තම ක්වීන් පරි්‍යාග කරමින් e7 කො‍ටුව රක්ෂා කරන කළු නයිට්ට, e7 ආරක්ෂා කිරීම අත්හැර f6 වෙත ගමන් කිරීමට බල කරයි.

22... Nxf6 23. Be7# 1–0

තරගය අවසන් වූ විට කීසෙරිට්ස්කි ඉතා පුදුමයට පත් වූ අතර තරගයේ චලනයන් ඔහුගේ පැරිසියානු චෙස් සමාජයට (Parisian chess club) විදුලි පණිවුඩයක් මගින් ලබා දුන්නේය. ප්‍රංශ චෙස් සඟරාවක් වන ලා රීජන්ස් (La Régence) 1851 ජූලි මාසයේදී මෙම ක්‍රීඩාව ප්‍රකාශයට පත් කළේය. මෙම ක්‍රීඩාව 1855 දී ඔස්ට්‍රියානු අර්නස්ට් ෆෝක්බීර් (Ernst Falkbeer)විසින් "අමරණීය ක්‍රීඩාව" ("The Immortal Game") ලෙස නම් කරන ලදී.

[Event "London"] [Site "London ENG"] [Date "1851.06.21"] [Round "?"] [White "Adolf Anderssen"] [Black "Lionel Adalbert Bagration Fel"] [Result "1-0"] [ECO "C33"] [PlyCount "45"] [EventDate "1851.??.??"] 1. e4 e5 2. f4 exf4 3. Bc4 Qh4+ 4. Kf1 b5 5. Bxb5 Nf6 6. Nf3 Qh6 7. d3 Nh5 8. Nh4 Qg5 9. Nf5 c6 10. g4 Nf6 11. Rg1 cxb5 12. h4 Qg6 13. h5 Qg5 14. Qf3 Ng8 15. Bxf4 Qf6 16. Nc3 Bc5 17. Nd5 Qxb2 18. Bd6 Bxg1 ({It is from this move that Black's defeat stems. Wilhelm Steinitz suggested in 1879 that a better move would be} 18... Qxa1+ {likely moves to follow are} 19. Ke2 Qb2 20. Kd2 Bxg1) 19. e5 Qxa1+ 20. Ke2 Na6 21. Nxg7+ Kd8 22. Qf6+ Nxf6 23. Be7# 1-0

කර්තෘ ගැන

කෞශල්‍ය වීරවර්ණ
2001 අන්තර්සමාජ චෙස් ශූරතාව දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
2005 අන්තර්සමාජ චෙස් තරගවෙලියේ තුන්වන ස්ථානය දිනාගත් Nf3 චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-0-3)
පෝන් එන්ඩින්ග් (ISBN - 978-955-50380-1-0)
මූලික දැනුම ලත් ක්‍රීඩකයන් සදහා චෙස් ටැක්ටික්ස් (ISBN - 978-955-50380-2-7) යන සිංහල කෘතිවල රචකයා වේ.

වර්තමානයේ ගාල්ල සංඝමිත්තා බාලික විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සම පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.